MILCO

All Products

Pasteurized Milk (පාස්චරීත කිරි)
දියර කිරි නිෂ්පාදන

Pasteurized Milk (පාස්චරීත කිරි)

නැවුම් එළකිරි රසයෙන් සපිරි පාස්චරීකරණය කල කිරි ඔබ අතට ලබා දෙන්නේ මේද ප්‍රතිශතය 3.25% ට නොඅඩුවයි. කිසිදු වර්ණකාරකයක් එකතු නොකරන මෙම නිෂ්පාදනය 450 ml ප්‍රමාණයේ පැකට් ලෙස ලබා ගත හැක. නිෂ්පාදන ආයු කාලය: දින 05 ගබඩා කල යුතු තත්වය: 4°C-8°C

Sterilized Milk (කල් කිරි)
දියර කිරි නිෂ්පාදන

Sterilized Milk (කල් කිරි)

වෙළඳ පොළ තුල ඉහල ඉල්ලුමක් ලබා ඇති Highland කල් කිරි එළකිරි යොදාගෙන නිපදවා ඇත. සම්පූර්ණ යොදය සහිත කිරි, මේද රහිත කල්කිරි, රසගැන්වූ කල්කිරි (වැනිලා සහ චොකලට්). නිෂ්පාදන ආයු කාලය: මාස 06. ගබඩා කල යුතු තත්වය: කාමර උෂ්ණත්වය (විවෘත කල පසු ශීත කරණයක ගබඩා කරන්න).

UHT Milk (UHT කිරි)
දියර කිරි නිෂ්පාදන

UHT Milk (UHT කිරි)

උසස්ම තාක්ෂණය උපයෝගි කරගනිමින් නිපදවන Highland UHT කිරි 100% නැවුම් එළකිරි සාරයෙන් නිපදවනු ලබයි. ලේයර් 05ක විශේෂිත පොලිතීන් ආවරණයකින් ඇසුරුම් කරන මෙය සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේ ගබඩා කල හැක. ප්‍රමිතිගත UHT කිරි - 450 ml, 900 ml නිෂ්පාදන ආයු කාලය: මාස 02 ගබඩා කල යුතු තත්වය: කාමර උෂ්ණත්වය

අයිස් ක්‍රීම් (Ice Cream)
අයිස් ක්‍රීම් (Ice Cream)

අයිස් ක්‍රීම් (Ice Cream)

Highland අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරනුයේ 100% කිරි මේදය පමණක් යොදාගෙන වන අතර වෙනත් කිසිදු සත්ත්වමය හෝ ශාකමය තෙල් වර්ගයක් භාවිතා නොකරයි. විවිධ ඇසුරුම් ප්‍රමාණයන්ගෙන් (80 ml, 500 ml, 1 L, 2 L, 4 L) වෙළඳපොළට නිකුත් කරන අතර වර්ග රැසකින් ඔබට තෝරා ගැනීමේ හැකියාව ඇත. වැනිලා රසැති අයිස් ක්‍රීම් චොකලට් රසැති අයිස් ක්‍රීම් ස්ට්‍රෝබෙරි රසැති අයිස් ක්‍රීම් ෆෘට් ඇන්ඩ් නට්ස් අයිස් ක්‍රීම් බටර් ස්කොච් අයිස් ක්‍රීම් කෝපි අයිස් ක්‍රීම් Highland සන්නාමය යටතේ අයිස් ක්‍රීම් පවුලට අලුතින්ම හඳුන්වා දුන් "රජ" අයිස් ක්‍රීම් දිවුල්, පැෂන් පෘට්, ස්ට්‍රෝබෙරි, මික්ස් බෙරි හා කොෆි ලෙස රස වර්ග කිහිපයකින් ඔබට ලබා ගත හැක. මේ සඳහා උසස්ම තත්වයේ දේශීය හා විදේශීයව ආනයනය කරන ලද පළතුරු පල්ප, චොකලට්, කුකීස් හා කෝපි භාවිතා කරයි. නිෂ්පාදන ආයු කාලය: මාස 06 ගබඩා කල යුතු තත්වය: -18° C

කිරි පිටි (Milk Powder)
කිරි පිටි (Milk Powder)

කිරි පිටි (Milk Powder)

ISO 22000:2018 ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති පිළිබඳ සහතිකය ලත් අඹේවෙල මිල්කෝ කිරි කර්මාන්තශාලාවේ නිපදවනු ලබන හයිලන්ඩ් කිරි පිටි 100% දේශීය නැවුම් එළකිරි සාරයෙන් නිපදවා ඇත. විටමින් A හා D වලින් සවිබල ගන්වා ඇති මෙම කිරිපිටි, නිෂ්පාදනය හා ඇසුරුම් කිරීමට නවීනතම තාක්ෂණික ක්‍රම භාවිතා කරයි. Highland නිවසින් වර්ග කිහිපයක කිරිපිටි වෙළඳ පොළට නිකුත් කරන අතර ඔබගේ කැමැත්ත පරිදි අවශ්‍ය නිෂ්පාදනය තෝරා ගත හැක. සම්පූර්ණ යොදය සහිත කිරිපිටි 400 g, 1 kg - මේදය 26% (අවම) මේදය අඩු කල කිරි පිටි 400 g - මේදය 13.0% මේදය රහිත කිරිපිටි 400 g - මේදය 0.6% (උපරිම) නිෂ්පාදන ආයු කාලය: ඇසුරුම් කල දිනයේ සිට වසර 01 ගබඩා කල යුතු තත්වය: සාමාන්‍ය කාමර උෂ්ණත්වය

ගිතෙල් (Ghee)
ගිතෙල් (Ghee)

ගිතෙල් (Ghee)

කිරි මේදයෙන් පමණක් නිපදවනු ලබන Highland එළඟිතෙල් වල මේද ප්‍රතිශතය 99.6% නොඅඩුයි. කිරි මේදය පමණක් භාවිතා කර නිපදවන මෙම නිෂ්පාදනය 300 ml, 500 ml, 3.5 kg යන ඇසුරුම් ප්‍රමාණ වලින් මිලදී ගත හැක. නිෂ්පාදන ආයු කාලය: අවුරුදු 01 ගබඩා කල යුතු තත්වය: සාමාන්‍ය කාමර උෂ්ණත්වය

චීස් (Cheese)
මුහුන් යෙදූ කිරි ආශ්‍රිත නිශ්පාදන

චීස් (Cheese)

නැවුම් එළකිරි හා උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවනු ලබන Highland චීස් වර්ග 02කින් පාරිභෝගික ඔබ අතට පැමිණෙයි. සකසන ලද චීස් 50g 100g 200g 1Kg ස්ප්‍රෙඩ් චීස් 170g නිශ්පාදන ආයු කාලය මාස 02 ගබඩා කල යුතු තත්වය 4C - 8C

පැණි රසකල උකු කිරි (Sweetened Condensed Milk)
පැණි රසකල උකු කිරි (Condensed Milk)

පැණි රසකල උකු කිරි (Sweetened Condensed Milk)

SLS 179 තත්ත්ව සහතිකය ලත්, පොළොන්නරුව මිල්කෝ කිරි කර්මාන්තශාලාවේ නිපදවන ලබන පැණි රසකල උකු කිරි ඉහළම තත්ත්ව ආරක්ෂණ හා නිෂ්පාදන ක්‍රම අනුගමනය කරමින් නිපදවා ඇත. නැවුම් එළකිරි භාවිතා කර නිපදවන මෙම නිෂ්පාදනය 520 g හා 5.2 kg ඇසුරුම් ප්‍රමාණ වලින් ලබා ගත හැක. කිරි තේ, රස කැවිලි හා අතුරුපස නිෂ්පාදන සඳහා මෙය භාවිතා කල හැක. නිෂ්පාදන ආයු කාලය: 520 g සඳහා මාස 06 5.2 kg සඳහා දින 45 ගබඩා කල යුතු තත්වය: කාමර උෂ්ණත්වය (විවෘත කල පසු ශීතකරණයක ගබඩා කරන්න)

බටර් (Butter)
බටර් (Butter)

බටර් (Butter)

ISO 22000:2018 ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති පිළිබඳ සහතිකය ලත් අප අඹේවෙල කිරි කර්මාන්තශාලාවේ උසස්ම තත්ත්ව පාලන ක්‍රම උපයෝගී කර ගනිමින් නිපදවනු ලබන Highland බටර් 100% ක්ම කිරි මේදයෙන් පමණක් නිපදවනු ලබයි. මේවා 200 g, 10 g ඇසුරුම් වලින් වෙළඳපොළට නිකුත් කරන අතර ලුණු සහිත හා රහිත ලෙස වර්ග දෙකකින් යුක්තයි. 200 g ලුණු සහිත බටර් - මේදය 82% 200 g ලුණු රහිත බටර් - මේදය 84% 10 g ලුණු සහිත බටර් නිෂ්පාදන ආයු කාලය: මාස 09 (ලුණු රහිත) මාස 12 (ලුණු සහිත)

මුදවපු කිරි
මුහුන් යෙදූ කිරි ආශ්‍රිත නිශ්පාදන

මුදවපු කිරි

නැවුම් එලකිරි යොදා නිපදවන මුදවපු කිරි වලට ජෙලටින්,වර්නකාරක රසකාරක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍යය එකතු කර නොමැත. මේද ප්‍රතිශතය 6.7% නොඅඩුව නිපදවන මෙම නිශ්පාදනය 510g හා 900g ඇසුරුම් ප්‍රමාණවලින් වෙලදපොලෙන් ඔබට ලබා ගත හැක. නිශ්පාදන ආයු කාලය දින 15 ගබඩා කල යුතු තත්වය 4C - 8C

යෝගට් පානය (Drinking Yoghurt)
මුහුන් යෙදූ කිරි ආශ්‍රිත නිශ්පාදන

යෝගට් පානය (Drinking Yoghurt)

180 ml පැකට්ටුව ස්ට්‍රෝබේරි රසැති යෝගට් පානයක් ලෙසත් 170 ml ප්ලාස්ටික් කප් දිවුල්, ස්ට්‍රෝබේරි හා වැනිලා රසයෙනුත් මිලදී ගත හැක. මේ සදහා උසස්ම තත්වයේ පලතුරු පල්ප් බාවිතා කරයි. නිශ්පාදන ආයු කාලය 180 ml පැකට්ටුව දින11 170 ml ප්ලාස්ටික් කප් දින 13

හයිලන්ඩ් යෝගට්
මුහුන් යෙදූ කිරි ආශ්‍රිත නිශ්පාදන

හයිලන්ඩ් යෝගට්

නැවුම් එළකිරි හා ප්‍රමිතිගත අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවයි. වැනිලා රසැති සෙට් යෝගට්. සීනි රහිත අඩු මේද යෝගට්. පැණි රස නොකල මේදය අඩු යෝගට්. නිෂ්පාදන ආයු කාලය දින 15 / ගබඩා කල යුතු තත්වය 4°C - 8°C